Digital Power Guards

"බ්‍රාවෝ ඩිජිගාඩ්" - ඩිජිටල් පවර් ගාඩ් නිෂ්පාදන

විදුලි සැපයුම් දෝෂවලට එරෙහි ප්‍රබල ආරක්ෂාවක්

හැඳින්වීම

බ්‍රාවෝ “ඩිජිගාර්ඩ්” ඉංජිනේරු නිර්මාණය සහ නිෂ්පාදනය ශ්‍රී ලාංකික බ්‍රාවෝ සොලුෂන්ස් ආයතනයෙනි. තවද ස්වීඩනයේ කොම්නෙට් ලැබ්ස් ආයතනයේ තාක්ෂණික සහය සහ අධීක්ෂණයද මේ සඳහා ලැබී තිබේ. යුරෝපීය ප්‍රමිතියට අනුකූල ශ්‍රී ලාංකික නිපැයුමක් වන මෙය 230V සැපයුමේ අධි වෝල්ටීයතා(High Voltage), අඩු වෝල්ටීයතා(Low Voltage) ආරක්ෂාව මෙන්ම අධිබල ආරක්ෂාව(Overload protection) ඔබගේ වටිනා විදුලි උපකරණ වලට නිරතුරුව ලබාදෙයි.

මීට අමතරව ක්ෂණික විදුලි බිඳවැටීම් වලින් විදුලි උපකරණ ආරක්ෂා කරන බලසැපයුම් ප්‍රමාදකරනයක්ද(Startup Delay) මීට අන්තර්ගතයි. සැපයුම් වෝල්ටීයතාවය ආරක්‍ෂිත වෝල්ටීයතා පරාසයෙන් පිටතට ගිය විගසම බ්‍රාවෝ “ඩිජිගාර්ඩ්” එයට සම්බන්ධක උපකරණය විදුලියෙන් විසන්ධි කර ඊට ආරක්ෂාව සපයයි. නැවතත් සැපයුම් වෝල්ටීයතාවය ආරක්‍ෂිත වෝල්ටීයතා පරාසයට ඇතුලු වූ විගසම සම්බන්ධිත උපකරණය බල ගන්වනු ලැබේ. මෙහි ක්‍රියාකාරිත්වය ආතර් සී ක්ලාර්ක් ආයතනය මගින් සහතික කර තිබේ..

මෙහි සියලු පාලන කටයුතු අති ප්‍රබල DSP තාක්ෂණයද සහිත මයික්‍රෝ ප්‍රොසෙසර් උපකරණයකිනි. එමනිසා ඉතා ක්ෂණික වෝල්ටීයතා වෙනස්වීම් වලට වුව එවෙලේම ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, වෙළඳපොලේ ඇති ප්‍රමිතියෙන් තොර අඩුමිල ආනයනික පවර්ගාඩ් අබිභවා යන එක් විශේෂත්වයකි. තවත් විශේෂත්වයක් වන්නේ සැපයුම් වෝල්ටීයතාවයේ ස්ථාවරත්වය හෝ එහි වෙනස්වීම් පැහැදිලිව ඩිජිටල් දර්ශක තිරය මත ප්‍රදර්ශනය කිරීමයි. තාක්ෂණිකව මෙය ඉතා අඩුමිල සරල පවර්ගාඩ් උපකරණ මෙන් භූගත වයරය (Earth) මත යැපීම හෝ ධරාවේ වෙනසට පමණක් සංවේදීවීමක් (Current imbalance reacting) සිදු නොවෙයි. එමනිසා අජීව වයරය (Neutral) විසන්ධි වීමකදී වන අධික වෝල්ටීයතා නැගීමක් වුව ක්ෂණිකව හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වයි. මෙහි භාවිතා කර ඇති නවීනම ඩිජිටල් තාක්ෂණය ඔබගේ වටිනා විදුලි උපකරණවලට විශ්වාෂනීය ආරක්ෂාවක් සහතික කරයි.

සවිකිරීම සහ නිවැරදි භාවිතය

බ්‍රාවෝ “ඩිජිගාඩ්” සවිකලයුත්තේ වියලි, දූවිලිවලින් තොර එමෙන්ම කුඩා ළමුන්ට ඇල්ලීමට නොහැකි ස්ථානයකයි. බිත්තියට සවිකිරීම අපේ නිර්දේශය වන අතර කිසිවිටෙකත් බිම මත නොතබන්න. මෙයට විදුලිබලය ලබාදීමේදී මුලින්ම UP/DOWN බොත්තම් ආධාරයෙන් භාවිතා කරන ක්‍රමවේදය (Operating mode) තෝරාගන්න. වරක් තෝරාගත් භාවිතා වන ක්‍රමවේදය මෙමරියේ ගබඩා වන අතර එය නැවතත් තේරීමක් අවශ්‍ය නොවේ.

වැඩිදුර විස්තර උපදෙස් පත්‍රිකාවේ සඳහන් වෙයි.

විශේෂාංග

  • අධි වෝල්ටීයතා ආරක්ෂාව
  • අඩු වෝල්ටීයතා ආරක්ෂාව
  • සියලු පාලන කටයුතු අති ප්‍රබල මයික්‍රෝ-ප්‍රොසෙසරයකින්
  • බලගැන්වීම ප්‍රමාදකරණය
  • අවශ්‍ය විට ක්ෂණික බලගැන්වීම
  • අඩුමිල පවර්ගාඩ් මෙන් වෝල්ටීයතා ආරක්ෂා සීමාවට පැමිණි විට සම්බන්ධිත උපකරණය වේගයෙන් ON / OFF වීමක් සිදු නොවෙයි.
  • ඩිජිටල් වෝල්ටීයතා දර්ශකය
  • වොට් 1200ක බල ධාරිතාවයක් සහ අධි ධාරා ආරක්ෂාව
  • පවුඩර් කෝට් කල විශිෂ්ට නිමාව

ආරක්ෂා කළහැකි උපකරණ

  • ශීතකරණය, අධිශීතකරණය, බෝතල් ශීතකරණය
  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය CRT රූපවාහිනී
  • HiFi සෙටප් පද්ධති
  • පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්
  • මයික්‍රෝවේව් උදුන් සහ බත් පිසින යන්ත්‍ර (ගෘහස්ත)
  • සැටලයිට් TV රිසීවර්
  • CCTV කැමරා DVR සහ උපාංග
  • පරිඝනක ජාලගත කිරීමේ උපකරණ (රවුටර් , ස්විච් , සර්වර් )
  • ගෘහ ආරක්ෂක සිකියුරිටි පද්ධති
  • බ්ලෙන්ඩර්, මික්සර්
  • විදුලි පංකා

ෆියුසය පිරික්සීම සහ මාරු කිරීම

ෆියුසය පිරික්සීම සඳහා පහත වීඩියෝව නරඹන්න

 

සවිකිරීම සහ මූලික ක්‍රියාකාරිත්වය

බ්‍රාවෝ “ඩිජිගාඩ් GoldLine” සවිකලයුත්තේ වියලි, දූවිලිවලින් තොර එමෙන්ම කුඩා ළමුන්ට ඇල්ලීමට නොහැකි ස්ථානයකයි. බිත්තියට සවිකිරීම අපේ නිර්දේශය වන අතර කිසිවිටෙකත් පවර් කෝඩ් හරහා සම්බන්ධ කර බිම මත නොතබන්න. වැදගත්ම කරුණක් නම්, මෙය කිසිවිටෙකත් මල්ටි ප්ලග් හරහා බිත්ති පේනුවට සම්බන්ධ නොකළ යුතුය.

මෙය Plug and Play ආකාරයේ කෙලින්ම 13A කොටු පින් සහිත බිත්ති පේනුවට සම්බන්ධ කල හැකිය.

මෙයට විදුලිබලය ලබාදීමේදී මුලින්ම UP/DOWN බොත්තම් ආධාරයෙන් භාවිතා කරන ක්‍රමවේදය (Operating mode) තෝරාගන්න. වරක් තෝරාගත් භාවිතා වන ක්‍රමවේදය මෙමරියේ ගබඩා වන අතර එය නැවතත් තේරීමක් අවශ්‍ය නොවේ.

විශේෂාංග

  • අධි වෝල්ටීයතා , අධි ධාරා මෙන්ම IEC 61643 තත්ත්ව සහතික ලත් සම්පූර්ණ අකුණු ආරක්ෂක මොඩියුලයක්ද සවිකර ඇත. 
  • අඩු වෝල්ටීයතා ආරක්ෂාව
  • සියලු පාලන කටයුතු අති ප්‍රබල මයික්‍රෝ-ප්‍රොසෙසරයකින්
  • බල සැපයුම් ප්‍රමාදකරණය
  • අවශ්‍ය විට ක්ෂණික බලගැන්වීම
  • අඩුමිල පවර්ගාඩ් මෙන් වෝල්ටීයතා ආරක්ෂා සීමාවට පැමිණි විට සම්බන්ධිත උපකරණය වේගයෙන් ON / OFF වීමක් සිදු නොවෙයි.
  • ඩිජිටල් වෝල්ටීයතා දර්ශකය
  • වොට් 1200ක බල ධාරිතාවයක්. සුළු කාලයක් සඳහා වොට් 1500ක බල ධාරිතාවයක්
  • සහ අධි ධාරා ආරක්ෂාව

ආරක්ෂා කළහැකි උපකරණ

  • ශීතකරණය, අධිශීතකරණය, බෝතල් ශීතකරණය. Inverter මාදිලි සඳහා විශේෂයි.
  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය CRT රූපවාහිනී
  • HiFi සෙටප් පද්ධති
  • පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්
  • මයික්‍රෝවේව් උදුන් (ගෘහස්ත)
  • බත් පිසින යන්ත්‍ර (ගෘහස්ත)
  • සැටලයිට් TV රිසීවර්
  • CCTV කැමරා DVR සහ උපාංග
  • පරිඝනක ජාලගත කිරීමේ උපකරණ (රවුටර් , ස්විච් , සර්වර් )
  • ගෘහ ආරක්ෂක සිකියුරිටි පද්ධති
  • බ්ලෙන්ඩර්, මික්සර්
  • විදුලි පංකා
  • බිත්ති විදුලි පංකා

** වොට් 1200 ට වඩා අඩු බල ධාරිතාවයක් සහිත ඕනෑම විදුලි උපකරණයකට ආරක්ෂාවක් දීමට DigiGUARD Goldline භාවිතා කල හැකිය **

ෆියුසය පිරික්සීම සහ මාරු කිරීම

පවර්ගාඩ් උපකරණය ක්‍රියා විරහිත නම් ආසන්නතම හේතුව වන්නේ ෆියුසය පිලිස්සී තිබීමයි. DigiGUARD Goldline හි ෆියුසයන් දෙකක් භාවිතා වෙයි. සජීව වයරය (Live) සඳහා වන ෆියුසය ඇත්තේ Plug Top එක ඇතුලතින්ය. අජීව වයරය (Neutral) සඳහා වන ෆියුසය ඇත්තේ පිටතින්ය. මෙලෙස ෆියුසයන් දෙකක් ඇත්තේ මේ තුල ඇති අකුණු ආරක්ෂක පරිපථය මගින් Live සහ Neutral වයරයන් දිගේ එන අකුණු වෝල්ටීයතාවයන් වෙන වෙනම ආරක්ෂා කරන බැවිනි. මෙම ෆියුසයන් මාරු කිරීමේදී, ඇතුලතින් සම්බන්ධ කර ඇති වයරයන් අනවශ්‍ය ලෙස පිටතට ඇදීමෙන් වැළකිය යුතුයි.

වෙනත් අලුත්වැඩියා අවශ්‍යතාවයක් වෙතොත් මෙය කෙලින්ම අප ආයතනය වෙත එවා අලුත්වැඩියා කරගන්න. කිසිවිටෙකත් අලුත්වැඩියා කිරීම සඳහා තෙවැනි පාර්ශවයක් වෙත ලබා නොදෙන්න. ඇතුලත ඉලෙක්ට්‍රොනික පරිපත පලුදු වීමට එය ප්‍රධානතම හේතුවක් වෙයි.

සම්බන්ධ කිරීමේ රූපසටහන

සවිකිරීම සහ නිවැරදි භාවිතය

DigiGUARD QRO නිෂ්පාදනය කර ඇත්තේ අධිබල විදුලි උපකරණ සඳහා ඩිජිටල් පවර්ගාඩ් උපකරණයක් ලෙසිනි. වායුසමීකරණ, අධිබල ජල පොම්ප වැනි වොට් 4000 ට අඩු ඕනෑම විදුලි උපකරණයක් සඳහා භාවිතා කල හැකිය. මෙය බිත්ති පේනුවට සම්බන්ධ වන්නේ, 13A ප්ලග් ටොප් එකක් මගිනි.

බ්‍රාවෝ “ඩිජිගාඩ් GoldLine” සවිකලයුත්තේ වියලි, දූවිලිවලින් තොර එමෙන්ම කුඩා ළමුන්ට ඇල්ලීමට නොහැකි ස්ථානයකයි. බිත්තියට සවිකිරීම අපේ නිර්දේශය වන අතර කිසිවිටෙකත් පවර් කෝඩ් හරහා සම්බන්ධ කර බිම මත නොතබන්න. වැදගත්ම කරුණක් නම්, මෙය කිසිවිටෙකත් මල්ටි ප්ලග් හරහා බිත්ති පේනුවට සම්බන්ධ නොකළ යුතුය.

වැඩිදුර විස්තර සඳහා උපදෙස් පත්‍රිකාව කියවන්න. භාවිතා කරන ක්‍රමවේදය වෙනස් කිරීමට (Operating Mode Change) මෙයට බලය ලබාදී මුල් තත්පර කිහිපය තුල සුදුසු පරිදි UP /DOWN බොත්තම් ඔබන්න.

ආරක්ෂා කළහැකි උපකරණ 

  • BTU 48,000 ට අඩු වායු සමීකරණ
  • ශීතකරණය, අධිශීතකරණය, බෝතල් ශීතකරණය
  • අධිබල HiFi සෙටප් පද්ධති සහ සරවුන්ඩ් සවුන්ඩ් පද්ධති
  • මයික්‍රෝවේව් උදුන් සහ බත් පිසින යන්ත්‍ර (ගෘහස්ත)
  • අධිබල පරිඝනක ජාලගත කිරීමේ උපකරණ (රවුටර් , ස්විච් , සර්වර් )
  • කාර්මික බ්ලෙන්ඩර්
  • කාර්මික විදුලි පංකා

විශේෂාංග

  • අධි වෝල්ටීයතා ආරක්ෂාව සහ Level-1 අකුණු ආරක්ෂාව
  • අඩු වෝල්ටීයතා ආරක්ෂාව
  • සියලු පාලන කටයුතු අති ප්‍රබල මයික්‍රෝ-ප්‍රොසෙසරයකින්
  • බල සැපයුම ප්‍රමාදකරණය
  • අවශ්‍ය විට ක්ෂණික බලගැන්වීම
  • අඩුමිල පවර්ගාඩ් මෙන් වෝල්ටීයතා ආරක්ෂා සීමාවට පැමිණි විට සම්බන්ධිත උපකරණය වේගයෙන් ON / OFF වීමක් සිදු නොවෙයි.
  • ඩිජිටල් වෝල්ටීයතා දර්ශකය
  • 4000W දිගු බල ධාරිතාවය
  • 5500W කෙටි කාලීන බල ධාරිතාවය (වායු සමීකරණය ක්‍රියාත්මක වීමේදී)  

මිලදී ගැනීම

අවශ්‍ය උපකරණය පහතින් තෝරාගන්න.

digiguard Std5A
Rs 3,599

විශේෂාංග

සුදු පැහැයට හුරු ලෝහමය ආවරණය

1200W බල ධාරිතාවය

බල සැපයුම ප්‍රමාදකරණය

අධි ධාරා ආරක්ෂාව

බහුවිධ LED තිරය

අඩු/මධ්‍යම බල පවර්ගාඩ් උපකරණය

මධ්‍යම ප්‍රමාණයේ අකුණු ආරක්ෂාව

වසරක වගකීම

මිලදී ගතහැකි වෙනත් වෙළඳ ජාල
digiguard Qro
Rs 6,500

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

4000W බල ධාරිතාවය

බල සැපයුම ප්‍රමාදකරණය

අධි ධාරා ආරක්ෂාව

බහුවිධ LED තිරය

අධි බල පවර්ගාඩ් උපකරණය

මධ්‍යම ප්‍රමාණයේ අකුණු ආරක්ෂාව

වසරක වගකීම

මිලදී ගතහැකි වෙනත් වෙළඳ ජාල
digiguard goldline
Rs 4,900

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

1200W බල ධාරිතාවය

බල සැපයුම ප්‍රමාදකරණය

අධි ධාරා ආරක්ෂාව

බහුවිධ LED තිරය

අඩු/මධ්‍යම බල පවර්ගාඩ් උපකරණය

පූර්ණ අකුණු ආරක්ෂාව

වසරක වගකීම

නිෂ්පාදනායතනයෙන් සෘජු මිලදී ගැනීම පමණයි
si_LKසිංහල