PowerTANK Power Backups

PowerTANK ලිතියම් අයන් බැටරි බල පද්ධති

4G සහ Fiber (FTTH) රවුටර් සඳහා අඛණ්ඩ බල සැපයුම

හැඳින්වීම

බ්‍රාවෝ “PowerTANK” ඉංජිනේරු නිර්මාණය සහ නිෂ්පාදනය ශ්‍රී ලාංකික බ්‍රාවෝ සොලුෂන්ස් ආයතනයෙනි. තවද ස්වීඩනයේ කොම්නෙට් ලැබ්ස් ආයතනයේ තාක්ෂණික සහය සහ අධීක්ෂණයද මේ සඳහා ලැබී තිබේ. යුරෝපීය ප්‍රමිතියට අනුකූල ශ්‍රී ලාංකික නිපැයුමක් වන මෙය 4G / ෆයිබර් රවුටර් සඳහා Backup බල පද්ධතියක් ලෙසට නිර්මාණය කර තිබේ. CCTV කැමරා , Cordless phone වැනි උපකරණ සඳහාද මෙය සාර්ථකව භාවිතා කල හැකිවෙයි.

මෙහි සියලු පාලන කටයුතු තාක්ෂණයෙන් ඉහල ඉලෙක්ට්‍රොනික පරිපථයක් මගිනි . එමනිසා ඉතා ක්ෂණික වෝල්ටීයතා වෙනස්වීම් වලට වුව එවෙලේම ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, වෙළඳපොලේ ඇති ප්‍රමිතියෙන් තොර අඩුමිල ආනයනික Backup පද්ධති අබිභවා යන එක් විශේෂත්වයකි. තවත් විශේෂත්වයක් වන්නේ Short වීමකදී ඉතාමත් විශ්වසදායී, අදියර දෙකක ආරක්ෂක ක්‍රමවේදයක් භාවිතා කිරීමයි..

PowerTANk Mega, අප නිර්මාණය කර ඇත්තේ විදුලි කැපීමකදී හෝ අකුණු ගැසීමකදී ඔබගේ සම්බන්ධතාවය තබාගන්නා සම්පූර්ණ විසඳුමක් ලෙසිනි (Total Solution) . ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාව පවත්වාගැනීමට අමතරව , ජංගම දුරකතන හෝ TAB පරිගණකය සක්‍රීයව පවත්වා ගැනීමටත් , අවශ්‍යනම් ආලෝකය සැපයීමටත් PowerTANK මෙගා උපකරණය සමත්වෙයි.  

  • High Capacity 18650, Li-Ion cells are used. 
  • අකුණු ගසන අවස්ථාවේදීත් ආරක්ෂිතව අන්තර්ජාල සම්බන්ධතාවය පවත්වාගන්න. (බිත්ති පේනුවෙන් ඇඩප්ටරය ගලවා)
  • සියලු පාලන කටයුතු උසස් තත්වයේ (Industrial Grade) BMS පරිපථයකින්.
  • විදුලි විසන්ධිවීමකදී අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි නොවී ක්ෂණිකව බැටරියට මාරු හැකියාව 
  • විදුලිය බිඳවැටීමකදී UPS වලින් නිකුත්වන ආකාරයේ කර්කශ බීප් නාදයෙන් තොර වීම.
  • අධි ධාරා ආරෝපණය පාලනය
  • අධිධාරා සහ අධිවෝල්ටීයතා ආරක්ෂාව
  • Short වීමකදී ක්ෂණිකව බලය විසන්ධි කිරීම මගින් සැපයෙන ආරක්ෂාව
  • සපයා ඇති 12V 2A ඇඩප්ටරය මගින් සෘජු ආරෝපණය සහ බලගැන්වීම  
  • Std සහ Max මාදිලි සඳහා LED බැටරි දර්ශකය. Mega මාදිලිය සඳහා LED Bar Graph බැටරි දර්ශකය
  • මනා පෙනුමැති ABS ආවරණය
  • මෙගා මාදිලිය සතු Emergency Light සහ Phone Charging Adapter උපාංග
  • අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සඳහා ඉතා අල්ප විදුලි පිරිවැයක් සහිත වීම
  • මාස 6 ක වගකීමක් සහිත අනගි ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක් 
  • Product Size 68mm (W) x 100mm (H) x 50mm (D) for PowerTANK Std and Max. 
  • Product Size 150mm (W) x 90mm (H) x 60mm (D) for PowerTANK Mega
  • Weight Approx. 250g for Std, 400g for Max and 550g for Mega.

බ්‍රාවෝ PowerTANK” සවිකලයුත්තේ වියලි, දූවිලිවලින් තොර එමෙන්ම කුඩා ළමුන්ට ඇල්ලීමට නොහැකි ස්ථානයකයි. බ්‍රෝඩ් බෑන්ඩ් රවුටරය සමගම මේසයක් හෝ ආධාරකයක් මත තැබීම හෝ සවිකිරීම අපේ නිර්දේශය වන අතර කිසිවිටෙකත් බිම මත නොතබන්න. CCTV කැමරා සඳහාද ඉහත ක්‍රමයම අනුගමනය කරන්න. එළියේ සවිකර ඇති CCTVකැමරා සඳහා භාවිතා කරන අවස්ථාවේදී අනිවාර්යයෙන් අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වෙන පරිදි සවිකළ යුතුය. මීට අමතරව ඇඟිලි සලකුණු යන්ත්‍ර, මාළු ටැංකි ඔක්සිජන් පොම්ප වැනි බොහෝ උපකරණ වෙත බලය ලබාදීමට මෙය සමත්වෙයි. ඔබගේ රවුටරය 12V විභවයෙන් ක්‍රියා කරන බව මුලින්ම තහවුරු කරගන්න. එසේ නොමැතිනම් PowerTANK Std උපකරණය භාවිතා කල නොහැකිවෙයි. මෙහි ඇති LED දර්ශකය මගින් PowerTANK උපකරණයේ ක්‍රියාකාරිත්වය දක්වයි. LED එක දැල්වී තිබීමෙන් දැක්වෙන්නේ, මෙහි බැටරිය ආරෝපිත මට්ටමේ තිබෙන බවයි. LED එක නොදල්වෙයිනම් බැටරියේ ආරෝපණය අවසන්වී ඇතිබව දැක්වෙයි. සෑමවිටම PowerTANK උපකරණය උපරිම ආරෝපනයෙන් තබාගැනීමට වගබලා ගන්න. Li -Ion බැටරියේ ආයුකාලය උපරිමයෙන් තබාගැනීමට මෙය ඉවහල් වෙයි.

 

 

පහත රූපසටහනට අනුව උපකරණ සම්බන්ධ කරන්න. සියලුම PowerTANK උපකරණ මාදිලි සම්බන්ධ කරන්නේ මේ ආකාරයටමයි

PowerTANK Mega Operating Instructions / Switch Positions and their Function

 

Q. මෙම උපකරණය කුමක්ද?

A.  This is a Power Storage device can be used for Backup Power for your 4G/Fiber Router ?

Q. මෙය රවුටර් සඳහා පමණක්ද ?

A. මෙය CCTV කැමරා, ඇඟිලි සලකුණු ස්කෑන් යන්ත්‍ර, නිවාස ආරක්ෂණ පද්ධති වැනි උපකරණ සඳහාද, ඒ පිලිබඳ දැනුමක් ඇතිව භාවිතා කල හැකිවෙයි. කිසිවිටෙකත් අනුමාන නොකර, අපව අමතා තාක්ෂණික උපක්දෙස් ලබාගන්න.

Q. විවිධ රවුටර් මාදිලි සඳහා බලය රඳවාගත හැකි කාලයන් කෙසේද ?

විවිධ රවුටර් මාදිලි සඳහා ලබාගන්නා විදුලි ධාරාවන් වල විශාල පරාසය සහ රවුටර් එක ඔබ භාවිතා කරන ක්‍රමවේදය අනුව බලය රඳවාගත හැකි කාලයන් බොහෝසෙයින් වෙනස්වෙයි. මිලදී ගැනීමේ තීරණයට ප්‍රථම මෙය හොඳින් අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වෙයි.  

4G Routers සාමාන්‍යයෙන් 250mA සිට 450mA පමණ ධාරාවක් ලබාගන්නා නිසා බලය රඳවාගත හැකි කාලය පැය 3 සිට 6 දක්වා වෙයි. 

Fiber Routers සාමාන්‍යයෙන් 400mA සිට 1800mA (විශේෂාංග වැඩි නවීනතම රවුටර් මාදිලි) පමණ ධාරාවක් ලබාගන්නා නිසා බලය රඳවාගත හැකි කාලය පැය 1 සිට 4 දක්වා වෙයි.

ඉහත කාලයන් PowerTANK Std මාදිලිය සඳහා වෙයි. ද්විත්ව ධාරිතාවයෙන් යුතු Mega සහ Max මාදිලි සඳහා මෙම කාලයන් දලවශයෙන් දෙගුණයක් වෙයි. සිවු ගුණයක් බැටරි ධාරිතාවයෙන් යුතු PowerTANK GIGA මාදිලියෙන් හතර ගුණයක කාලයක් බලය රඳවා ගත හැකිවෙයි.

Q. මාගේ TAB / ස්මාර්ට් ජංගම දුරකථනය ආරෝපණය කරන්නේ කෙසේද ?

PowerTANK Mega හි Cigarette Lighter Adapter එකක් සවිකර ඇත. ඊට ඔබගේ ජංගම දුරකථනය හෝ TAB එක සඳහා සුදුසු ධාරාවක් සැපයිය හැකි Car Charger එකක් සම්බන්ධ කරගන්න. එමගින් ආරෝපණය කරගන්න.  

Q. Emergency Light එක භාවිතා කරන්නේ කෙසේද ?

මෙහි සවිකර ඇති Emergency Light එක තනි පුද්ගලයෙකු සදහා ප්‍රමාණවත් ආලෝකයක් ලබාදෙයි. මෙය ON කිරීමට තුන් පැත්තකට යෙදවිය හැකි ස්විචය "II" පැත්තට යොමු කරන්න. මෙය නිර්මාණය කර ඇත්තේ Emergency Light එක ON කර බැටරිය ආරෝපණය කිරීමට නොහැකිවන ලෙසටයි. බැටරිය ආරෝපණය කරන විට මෙම ස්විචය "I " පැත්තට යොමු කරන්න. බැටරියේ ආරෝපණය බලාගැනීමට ඕනෑම අවස්ථාවක LED BarGraph සඳහා ඇති ස්විචය භාවිතා කරන්න. 

Q. ලිතියම් අයන් බැටරි භාවිතය ආරක්ශිතද ?

A. සෑම බැටරි වර්ගයක් සඳහාම ඊට ආවේනික හැසිරවීමේ ක්‍රමවේදයක් ඇත. අපගේ වසර ගණනාවක අත්දැකීම් අනුව, මෙම බැටරියේ සහ උපකරණයේ මෙන්ම භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි සියලු ආරක්ෂක පරිපථ අන්තර්ගත කර තිබේ. විශේෂයෙන්ම Over Discharge හෙවත් අධි ශ්‍යය වීම සහ අධි ආරෝපණය වැළැක්වීමට සියලු උපකරණ සවිකර ඇත.

Q. Does the warranty cover against Li-Ion battery degrading (depleting) over time ?

ඕනෑම බැටරි තාක්ෂණයක් මෙන් ලිතියම් අයන් බැටරි සඳහාද බැටරි ක්ෂයවීම සාමාන්‍ය දෙයකි. මෙම ක්ෂයවීම බැටරි භාවිතා කරන ක්‍රමවේදය, බැටරිය භාවිතා කරන උෂ්ණත්වය ආදී මෙන්ම තවත් බොහෝ කරුණු මත රඳා පවතී. එමනිසා බැටරි ක්ෂයවීම සඳහා අපගේ වගකීම වලංගු නොවෙයි. ඔබ මෙම නිෂ්පාදනය මිලදී ගැනීමට පෙර මෙය අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වෙයි. වැඩිදුර විස්තර සඳහා අප අමතන්න. 

Q. ෆියුසයක් සවිකර ඇත්තේ ඇයි ?

A. ෂෝර්ට් වීමකදී තවත් ස්තරයක ආරක්ෂාවක් සැපයීමට 3A අගයකින් යුතු ෆියුසයක් සවිකර ඇත. 

Q. උපකරණය ඕනෑම අතකට තැබිය හැකිද ?

A. ඔව්. ලිතියම් අයන් බැටරි භාවිතා කර ඇති නිසා කිසිම ආකාරයක ලීක් වීමක් සිදු නොවෙයි. නමුත්, මෙම උපකරණය මත වෙනත් බරක් පැටවීම කිසිවිටෙකත් සිදු නොකළ යුතුය. හැකි සෑම අවස්ථාවකම මෙය හිරුඑළියට නිරාවරණය නොවන සේ තැබිය යුතුය. එසේම, උෂ්ණ වායු ධාරාවක් ජනනය කරන කිසිවක් අසල මෙය නොතැබිය යුතුය (උදා. පරිගණකය හෝ ලැප්ටොප් එක පිටුපස) . බැටරි උෂ්ණත්වය 30C ට අඩුවෙන් සැමවිටම පවත්වාගැනීම මගින් බැටරියේ ආයුකාලය වැඩි කරගත හැකිය.  

Solar Regulator for PowerTANK Li-Ion Battery Backup Solutions

This product is made on request only 

Bravo Solutions, with over a decade of experience  in Electronic product manufacturing in Sri Lanka, partnered with Comnet Labs Sweden, now enters into the Power Storage space with the introduction of “PowerTANK” product line.  This innovative device directly addresses the immediate issue of Broadband and Fiber disconnection due to sudden power cuts. When the grid power is unavailable for longer periods of time, Solar Power (panels) can be used for charging the PowerTANK devices and continue the un-interrupted broadband connectivity. Bravo Solar Regulator takes in power from the solar panels and condition the power to charge the PowerTANK in the safest possible way. 

This product is designed around state of the art Power control circuitry preventing over charging of the PowerTANKs. 

සවිකිරීම 

බ්‍රාවෝ PowerTANK” සවිකලයුත්තේ වියලි, දූවිලිවලින් තොර එමෙන්ම කුඩා ළමුන්ට ඇල්ලීමට නොහැකි ස්ථානයකයි. බ්‍රෝඩ් බෑන්ඩ් රවුටරය සමගම මේසයක් හෝ ආධාරකයක් මත තැබීම හෝ සවිකිරීම අපේ නිර්දේශය වන අතර කිසිවිටෙකත් බිම මත නොතබන්න. CCTV කැමරා සඳහාද ඉහත ක්‍රමයම අනුගමනය කරන්න. එළියේ සවිකර ඇති CCTVකැමරා සඳහා භාවිතා කරන අවස්ථාවේදී අනිවාර්යයෙන් අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වෙන පරිදි සවිකළ යුතුය. මීට අමතරව ඇඟිලි සලකුණු යන්ත්‍ර, මාළු ටැංකි ඔක්සිජන් පොම්ප වැනි බොහෝ උපකරණ වෙත බලය ලබාදීමට මෙය සමත්වෙයි. ඔබගේ රවුටරය 12V විභවයෙන් ක්‍රියා කරන බව මුලින්ම තහවුරු කරගන්න. එසේ නොමැතිනම් PowerTANK Std උපකරණය භාවිතා කල නොහැකිවෙයි. මෙහි ඇති LED දර්ශකය මගින් PowerTANK උපකරණයේ ක්‍රියාකාරිත්වය දක්වයි. LED එක දැල්වී තිබීමෙන් දැක්වෙන්නේ, මෙහි බැටරිය ආරෝපිත මට්ටමේ තිබෙන බවයි. LED එක නොදල්වෙයිනම් බැටරියේ ආරෝපණය අවසන්වී ඇතිබව දැක්වෙයි. සෑමවිටම PowerTANK උපකරණය උපරිම ආරෝපනයෙන් තබාගැනීමට වගබලා ගන්න. Li -Ion බැටරියේ ආයුකාලය උපරිමයෙන් තබාගැනීමට මෙය ඉවහල් වෙයි.

1. Make sure your Solar Panels are 18V. Never use 36V solar panels that are used for Home Solar Grid-Tie systems.  We recommend a 10W panel for the PowerTANK Std model and 20W panel for PowerTANK Mega and Max models. Extra high power panels have no additional advantage since the Bravo Solar Regulator is designed to provide slow charging of the PowerTANK.

2. Connect your Solar Panel’s Positive lead to the postive terminal of the Bravo Solar Regulator marked in RED colour.  

3. Similarly connect your Solar Panel’s Negative lead to the negative terminal of Bravo Solar Regulator marked in Black colour.  Then the Indicator LED should light up. If not, check the correct polarity of the wiring once again. 

4. Connect the DC supply cord to the ‘Charge’ port of the PowerTANK. Enjoy uninterrupted Broadband/Telephone sevice even when the power is down for longer hours. 

5. Keep this connected to the solar panels at all times. When the sun comes back in the morning, Bravo Solar Regulator starts to charge the PowerTANK once again.  But if your PowerTANK is completely used in the night time, you may need to use the wall adapter to fill up the PowerTANK. 

6. Contact us for more advanced customized solutions to power up your Router Round-the-clock using solar power.  

විශේෂාංග

  • Ideal for continuing to browse during longer power cuts 
  • High Quality Electronics controls all the important aspects of the product
  • විදුලිය බිඳවැටීමකදී UPS වලින් නිකුත්වන ආකාරයේ කර්කශ බීප් නාදයෙන් තොර වීම.
  • Solar Power is Green and you can save power. 
  • Over Charge Protection
  • Over Voltage Protection
  • Short වීමකදී ක්ෂණිකව බලය විසන්ධි කිරීම මගින් සැපයෙන ආරක්ෂාව
  • Powers directly from solar panels 20W recommended. 40W Max
  • Seperate LED status indicator
  • Elegant Finish with White ABS enclosure
  • අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සඳහා ඉතා අල්ප විදුලි පිරිවැයක් සහිත වීම
  • මාස 6 ක වගකීමක් සහිත අනගි ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක් 
  • Product Size 60mm (W) x 100mm (H) x 50mm (D)
  • Weight Approx. 200g
  • Wall hanging option available. 

නිතර අසන ප්‍රශ්න

Q. What is this device ?

A.  This is a Solar Regulator for using Low Power Solar Panels to charge your Bravo PowerTANK devices. 

Q. Can this be used only for PowerTANK Backup systems?

A. Yes only for PowerTANK models (Std, Max and Mega)

Q. Are the PowerTANK Li-Ion batteries safe to operate ?

A. Yes they are. All required safety circuitry is installed inside the PowerTANK  for protection against Short circuit, Over charging and over discharge

Q. Why don’t you have a Switch installed ?

A. This product is designed to be connected to the solar panels 24×7. Therefore a switch is not needed. Besides, a switch can be a point of failure and should be avoided if not absolutely necessary. 

මිලදී ගැනීම

අවශ්‍ය උපකරණය පහතින් තෝරාගන්න.

powertank Std
Rs 4,100

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

ලිතියම් අයන් බැටරි 3ක්

අධි / අව ආරෝපණ ආරක්ෂාව

LED තත්ත්ව දර්ශකය

Short වීමක් සඳහා ෆියුස ආරක්ෂාව

මාස 6ක වගකීම

මිලදී ගතහැකි වෙනත් වෙළඳ ජාල
powertank max
Rs 6,000

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

ලිතියම් අයන් බැටරි 6ක්

අධි / අව ආරෝපණ ආරක්ෂාව

LED තත්ත්ව දර්ශකය

Short වීමක් සඳහා ෆියුස ආරක්ෂාව

මාස 6ක වගකීම

නිෂ්පාදනායතනයෙන් සෘජු මිලදී ගැනීම පමණයි
powertank mega
Rs 8,500

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

ලිතියම් අයන් බැටරි 6ක්

අධි / අව ආරෝපණ ආරක්ෂාව

Bargraph බැටරි ආරෝපණ දර්ශකය

Emergency Light 

Phone/Tab ආරෝපණය කිරීමේ හැකියාව

Short වීමක් සඳහා ෆියුස ආරක්ෂාව

මාස 6ක වගකීම

නිෂ්පාදනායතනයෙන් සෘජු මිලදී ගැනීම පමණයි
powertank GIGA
Rs 11,500

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

ලිතියම් අයන් බැටරි 12ක්

අධි / අව ආරෝපණ ආරක්ෂාව

Bargraph බැටරි ආරෝපණ දර්ශකය

Phone/Tab ආරෝපණය කිරීමේ හැකියාව

Short වීමක් සඳහා ෆියුස ආරක්ෂාව

මාස 6ක වගකීම

නිෂ්පාදනායතනයෙන් සෘජු මිලදී ගැනීම පමණයි

සෑහීමට පත් අපගේ පාරිභෝගික ප්‍රතිචාර

si_LKසිංහල