Bravo Product Selector

නිෂ්පාදන තෝරාගැනීම සඳහා උපදෙස්

ඔබගේ අවශ්‍යතාවය නිසියාකාරව තේරුම් ගෙන, ඒ සඳහා අපගේ නිෂ්පාදනය හඳුනාගන්න.

ඔබගේ අවශ්‍යතාවය සඳහා අපගේ කුමන නිෂ්පාදනය වඩාත් ගැලපේදැයි අවිනිශ්චිත නම්, මෙම පිටුවෙන් ඒ සඳහා පිටුවහලක් ලබාදීම අපගේ අරමුණ වෙයි. . නිෂ්පාදනය යෝජනා කිරීමට අමතරව, ඔබට ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමද මෙහිදී අපේක්ෂා කරමු. ඔබට තව දුරටත් ගැටළුවක් පවතීනම්, අපව අමතන්න.

TV/hifi setup/dvd player

මෙම උපකරණ තුල ඇති සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ, අකුණු වලින් සහ වෙනත් අධි විදුලි ධාරා වලින් පිලිස්සී ය හැකියි. එමනිසා මෙම උපකාර වලට ආරක්ෂාව ලබාදීමට CleanPOWER 5A හෝ CleaPOWER Mini අකුණු ආරක්ෂණ උපකරණය සුදුසු වෙයි. ඔබගේ ප්‍රදේශයේ නිතර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් සිදුවන්නේනම්, DigiGUARD Goldline උපකරණයද ඉතා සුදුසු වෙයි. එහි ඇති බල සැපයුම් ප්‍රමාදකරණය මෙහිදී ප්‍රයෝජනවත් වෙයි.

inverter Airconditioner

ඉන්වර්ටර් වර්ගයේ වායු සමීකරණ වල ඇති අධිබල ඉලෙක්ට්‍රොනික පාලක පරිපථය, අකුණු අනතුරු වලින් ආරක්ෂා කරගත යුතුය. මේ සඳහා නිර්දේශ කරන්නේ CleanPOWER QRO , අපගේ අධිබල අකුණු ආරක්ෂක උපකරණයයි.

non inverter AC

සාමාන්‍ය වර්ගයේ වායු සමීකරණ ආරක්ෂා කරගත යුතු වන්නේ විදුලි සැපයුම් දෝෂ වලිනි. මේ සඳහා අප නිර්දේශ කරන්නේ DigiGUARD QRO අධිබල ඩිජිටල් පවර්ගාඩ් උපකරණයි

4G / fiber / adsl router

විදුලි කපන විට සහ විදුලි කොටන විට අන්තර්ජාලය භාවිතා කිරීමට මාදිලි තුනකින් PowerTANK උපකරණ තෝරා ගත හැකිවෙයි.

විදුලි පරිභෝජනය මැනීමට

ඔබගේ විදුලි උපකරණ වලට වැයවෙන විදුලිබලය මැනගැනීමට EnergyVIEW ප්‍රෝ 5A (වොට් 2000ට අඩු) සහ EnergyVIEW QRO (වොට් 5000ට අඩු) උපකරණ භාවිතා කල හැකිවෙයි.

CCTV System

IP සහ ඇනලොග් වර්ගයේ CCTV කැමරා , DVR , UPS, TV මොනිටරය සහිත සම්පූර්ණ පද්ධතියටම එක් CleanPOWER 5A හෝ CleaPOWER Mini අකුණු ආරක්ෂණ උපකරණයක් ප්‍රමාණවත් වෙයි. නමුත් ඔබගේ කැමරා විවිධ ස්ථානවල සවිකර වෙනම බල සැපයුම් ලබාදෙන්නේ නම්, ඒ සෑම ස්ථානයකටම වෙනම CleanPOWER උපකරණ සවි කලයුතු වෙයි.

inverter fridge / freezer

ඉන්වර්ටර් වර්ගයේ ශීතකරණ අධි ශීතකරණ වල ඇති සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පාලක පරිපථය අකුණු අනතුරු වලින් ආරක්ෂා කරගත යුතුය. මේ සඳහා අප නිර්දේශ කරන්නේ CleanPOWER 5A හෝ CleaPOWER Mini අකුණු ආරක්ෂණ උපකරණයයි.ඔබගේ ප්‍රදේශයේ නිතර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් සිදුවන්නේනම්, DigiGUARD Goldline උපකරණයද ඉතා සුදුසු වෙයි. එහි ඇති බල සැපයුම් ප්‍රමාදකරණය මෙහිදී ප්‍රයෝජනවත් වෙයි.

non inverter fridge

සාමාන්‍ය වර්ගයේ ශීතකරණ අධි ශීතකරණ ආරක්ෂා කරගත යුතු වන්නේ විදුලි සැපයුම් දෝෂ වලිනි. මේ සඳහා අප නිර්දේශ කරන්නේ DigiGUARD 5අ ඩිජිටල් පවර්ගාඩ් උපකරණයි.ඔබගේ ප්‍රදේශයේ නිතර අකුණු අනතුරු සිදුවන්නේනම්, DigiGUARD Goldline උපකරණයද ඉතා සුදුසු වෙයි. එහි අකුණු ආරක්ෂක පරිපථය මෙහිදී ප්‍රයෝජනවත් වෙයි. මෙවැනි ශීතකරණ සඳහා අධික විදුලියක් වැයවන නිසා, විදුලි බිල අඩුකර ගැනීමට අපගේම පේටන්ට් බලපත්‍ර ලැබූ KilerWATT Std විදුලි බල සංරක්ෂණ උපකරණය බිත කල හැකිවෙයි.

treadmill

Treadmill ව්‍යායාම උපකරණ වල DC මෝටරයක් සහ එහි පාලක පරිපථයක් අඩංගු වෙයි. මෙහි බර ධාරිතාවය අනුව ඩිජිටල් පවර්ගාඩ් උපකරණ තෝරාගැනීම සිදු කල යුතුය. 100kg ට අඩු බර treadmill සඳහා DigiGUARD 5A ද, 100kg ට වඩා බර පන්තිය සඳහා DigiGUARD QRO ද නිර්දේශ කරමු.

washing machine

ඉන්වර්ටර් වර්ගයේ රෙදි සෝදන යන්ත්‍ර සඳහා CleanPOWER අකුණු ආරක්ෂණ උපකරණ ද , ඉන්වර්ටර් නොවන වර්ගයේ රෙදි සෝදන යන්ත්‍ර සඳහා DigiGUARD ඩිජිටල් පවර්ගාඩ් උපකරණද භාවිතා කල හැකිවෙයි. ඔබගේ රෙදි සෝදනය ස්වයංක්‍රීය සහ උණු ජලයෙන් රෙදි සෝදන සහ රත්වූ වාතයෙන් රෙදි වියලන වර්ගයේ නම්, ඒ සඳහා ඉතා අධික විදුලි බලයක් වැය වෙයි. එවැනි රෙදි සෝදන යන්ත්‍ර සඳහා අපගේ QRO මාදිලිය පමණක් භාවිතා කරන්න.

අපගේ සියලුම නිෂ්පාදන Online ක්‍රමයට හෝ ලබුනපසු මුදල් ගෙවීමේ ක්‍රමයට (COD) මිලදී ගත හැකිවෙයි. අපගේ තෝරාගත් නිෂ්පාදන සමහරක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ ජාල කිහිපයක් හරහාද ඔබට මිලදී ගත හැකිවෙයි. අදාළ නිෂ්පාදනයේ පිටුවට පිවිස, එම නිෂ්පාදනය මිලදී ගත හැකි වෙළඳ ජාලය දැනගන්න.

 

si_LKසිංහල