කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A මාදිලිය

killerwatt_banner

View in English

KillerWATT Programmable Energy Saver

Patented

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 4ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය  සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.

“කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර  1000W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

ලෙකෝ ආයතනය සහ විදුලි බල මණ්ඩලය මෙම උපකරණය සිය පාර්භෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මේවනවිටත් කටයුතු කර ඇත. එලෙසම දම්රෝ සහ ආපිකෝ වැනි විශ්වාසනීය වෙළඳ ජාලයන් මෙම උපකරණය අලෙවිකරණය සඳහා දායක වී ඇත. ඔබට අප ගැන තබියහැකි විශ්වාසය එයයි.

විශේෂාංග

  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
  • අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්.
  • සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
  • සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ ශීතකරණය / අධිශීතකරණය ආරක්ෂා කිරීම.
  • බල සැපයුම් ප්‍රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව

මිලදී ගැනීම (මිල රු. 4,200)1yr warranty

 

Cash on deliveryපහසුවෙන් ඇනවුම් කර ඔබ නිවසට / කාර්යාලයට ගෙන්වාගන්න . නිෂ්පාදනය ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. / Order and get the product delivered to your doorstep FREE of charge. pay only after you receive the item.
සියලුම ආපිකෝ සුපිරි වෙළඳසල් වලින් සහ තෝරාගත් ආපිකෝ ප්‍රදර්ශනාගාර - බණ්ඩාරවෙල, ගාල්ල, නිට්ටඹුව, කුරුණෑගල, දඹුල්ල, පානදුර, රත්නපුර. ආපිකෝ ඩේලි කඳාන, අම්බලන්ගොඩ
All Arpico Super Centers and selected Arpico Showrooms - Kurunegala, Nittambuwa, Dambulla, Galle, Panadura, Rathnapura, Bandarawela . Arpico Daily Kandana, Ambalangoda
දිවයින පුරා පිහිටි සියලුම දම්රෝ ප්‍රදර්ශණාගාර වලින්. ඔබගේ දම්රෝ ප්‍රදර්ශනාගාරයේ තොග අවසන්වී ඇතිනම්, ඇනවුම් කර දින 2ක් ඇතුලත ගෙන්වාගැනීමේ පහසුම්කම් සලසා ඇත.
All Damro Showrooms Island-wide. If your nearest Damro Showroom is out-of-stock, you can order and get your product in 2 days.
Locate your nearest Damro Showroom from http://www.damro.lk/store_locator.html

eBay ජාලයෙන් විදේශයන්ට
Buy Online via eBay

නිවසටම ගෙන්වාගැනීම නොමිලේ. ඩයලොග් EasyCash, මොබිටෙල් MCash, කොමර්ෂල් බැංකු මගින් ගෙවීම් සිදුකර පසුදිනම ඔබගේ නිවසට ගෙන්වාගන්න. විස්තර සඳහා අමතන්න.
Free Delivery to Home. Pay using Dialog EasyCash, Mobitel MCash or Commercial Bank Deposit. Call us for Details