Bravo ThermoGUARD Engine Overheat Protection

බ්‍රාවෝ තර්මොගාඩ්

එන්ජිමේ අසාමාන්‍ය හැසිරීම කලින්ම දැනගන්න.

හැඳින්වීම

තර්මොගාර්ඩ් ThermoGUARD නිර්මාණය කර ඇත්තේ ඔබගේ වාහනයේ එන්ජිමේ උෂ්ණත්වය ආරක්ෂාකාරී පරාසයෙන් පිටතට ගිය විට එලාමයක ආධාරයෙන් එය රියදුරුගේ අවධානයට ලක් කිරීමටයි. රේඩියේටරයේ ජලය නොමැතිව ධාවනය, රේඩියේටරයේ අවහිර වීම (Blocked Radiator), වතුර පොම්පය ක්රියා නොකිරීම, ඔයිල් අඩුව හෝ නොමතිව ධාවනය කිරීම, ඔයිල් පොම්පයේ දෝෂයන්, තිරිංග පද්ධතියේ දෝෂ (Brake Bind ) ආදී විවිධ හේතු එන්ජින් උෂ්ණත්වය අධික ලෙස ඉහල දැමීමට හේතු වෙයි.

මෙම ශ්‍රී ලාංකික ඉංජිනේරු නිෂ්පාදනය සඳහා ඉතා උසස් ප්‍රමිතියේ උෂ්ණත්ව සෙන්සරයක් භාවිතා කර ඇත. එය සවිකරන ආකාරය පහතින් ඇත.

thermoguard introduction (Sinhala)

මෙහි සෙන්සරය අග කොටසේ මි.මී 10 නට් එකක් සවිකළ හැකි ලග් (Lug) එකක් ඇත. මෙම ලග් එක ආධාරයෙන් එන්ජිමේ බඳට හොඳින් හේත්තු වන සේ සෙන්සරය සවිකළ යුතුවෙයි. බොහෝ එන්ජින් වල පාවිච්චියට නොගත් ඇන තව් සොයා ගැනීමට ඇත. එසේ නොමැතිනම් වැඩිපුර එලියට නෙරා තිබෙන ඇනයක ත්රෙඩ් එකකට මෙම සෙන්සරය සවිකළ හැකිවෙයි. මෙසේ සවිකළ පසු එන්ජින් කවරය වැසූ පසු වයරය පලුදු නොවන සේ සෙන්සර් වයරය Display Unit එක වෙත රැගෙන යන්න

Display කොටස සවිකිරීම මෙහි ඩිස්ප්ලේ කොටස බැටරියේ (12V හෝ 24V) විදුලියෙන් ක්රියා කරයි. එය ඉදිරිපස ඩෑෂ් බෝඩ් එකේ රියදුරුට හොඳින් පෙනෙන පරිදි සවි කරගත යුතුය. ධන + අග්රය රතු පාටින් පෙන්වා ඇත. අග්ර මාරුවීමකදී හානිවීම වැළැක්වීමට ආරක්ෂක උපකරණ ඇතුලතින් සවිකර ඇත.

මිලදී ගැනීම

අවශ්‍ය උපකරණය පහතින් තෝරාගන්න.

theromguard engine overheat protection system
Rs 3,900

විශේෂාංග

Black ABS Design

Self Installation

Suitable for 12V/24V vehicles

බහුවිධ LED තිරය

Includes all accessories

වසරක වගකීම

Factory Direct Purchases only
si_LKසිංහල