Surge Protectors

බ්‍රාවෝ ක්ලීන්පවර් - අකුණු ආරක්ෂක උපකරණ

අකුණු වලට එරෙහි විශ්වාසවන්ත ආරක්ෂාව

හැඳින්වීම

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය ස්වීඩනයේ කොම්නෙට් ලැබ්ස් ආයතනය සමග එක්ව ඉතා විශිෂ්ට ඝනයේ සර්ජ් ප්‍රොටෙක්ටරයක් නිර්මාණය කර ශ්‍රී ලාංකික වෙළඳපොළට නිකුත්කර තිබේ. මෙය යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව ඉතා උසස් තත්වයේ ඉලෙක්ට්‍රොනික උපාංග (High Quality Electronic components) වලින් නිමවා තිබේ. දශක ගණනාවක් පුරා ලොවපුරා විද්‍යාඥයින් විසින් විදුලිකෙටීම් වල හැසිරීම් රටා ගැන සිදුකල පර්යේෂණ දත්තද උපයෝගී කරගනිමින්, අප සතු ඉංජිනේරු දැනුමද ප්‍රායෝගිකව යොදාගනිමින්, බ්‍රාවෝ ක්ලීන්පවර් සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත.

අපගේ සියලුම CleanPower උපකරණ Series Protection මූලධර්මය අනුව නිපදවා තිබේ . එය තරමක් මිල අධික වුවත්, Parallel Protection ක්‍රමයට නිපදවන මිල අඩු Surge Protector වලට වඩා බෙහෙවින් ප්‍රථිපල දායක වෙයි. 

තවද, CleanPower අකුණු ආරක්ෂක උපකරණ ස්තර දෙකකදී අකුණු බලය අවශෝෂණය කරනු ලබයි. මෙමගින් උපරිම ආරක්ෂාවක් සැලසෙයි. 

අපගේ සියලුම අකුණු ආරක්ෂක උපකරණ, Live සහ Neutral වයර සඳහා ස්වායත්ත පරිපථ දෙකකින් සමන්විත වෙයි. මෙහි වැදගත්කම වන්නේ, අකුණු වෝල්ටීයතාවය කුමන අග්‍රයකින් පැමිණියද, සමාන ආරක්ෂාවක් සැපයීමයි.

මූලිකවම සිදු වන්නේ විදුලි සහ විද්‍යුත් උපකරණ අකුණු ගැසීම් වලින් ආරක්ෂා කර ගැනීමයි. අප භාවිතා කරන ගෘහස්ත විදුලි උපකරණ දිනෙන් දිනම සංකීර්ණ බවින් වැඩිවෙත්ම, විදුලි කෙටීම් වලින් ඒවාට වන හානියේ අවදානම වැඩිවී තිබේ. සංවේදී ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට සර්ජ් ප්‍රොටෙක්ටරයක් හරහා බල සැපයුම ලබාදීමෙන්, ඒවාට වන හානිය බොහෝදුරට වලකා ගත හැකිවෙයි. සර්ජ් ප්‍රොටෙක්ටරයකින් සිදුවන්නේ සැපයුම් වයරයන් දිගේ එන අහිතකර විදුලි ස්පන්දන එහි සැර බාලකර භූගත කර දැමීමයි. නමුත් කෙලින්ම වදින විදුලිසැර (Direct Lightening Strikes) වලින් කිසිම උපකරණයක් ආරක්ෂා කරගැනීමට නොහැකිවන අතර ඊට හොඳම විකල්පය වන්නේ විදුලි කොටන විට එම උපකරණ සැපයුම් වයරයන්ගෙන් ගලවා තැබීමයි. අපගේ වගකීම වලංගු වන්නේ ක්ලීන්පවර් උපකරණය සඳහා පමණක් වෙයි. මෙහිදී සිහිතබා ගතයුතු වැදගත්ම කරුණ වන්නේ, අප සටන් වදින්නේ ස්වභාවධර්මය සමග බවයි. 

මුලින්ම සර්ජ් (Surge) එකක් හඳුනාගනිමු. අප නිවෙස්වල භාවිතා වන්නේ වෝල්ට් 230 විදුලියයි. නමුත් ගෙදර යම් උපකරණ ක්‍රියාත්මක කරන විට අධි වෝල්ටීය විභවයන් නිවසේ විදුලි පද්ධතියට මුදාහරිනු ලබයි. ගෙදර බ්ලෙන්ඩරය, වායුසමීකරණ, වතුර මෝටරය ක්‍රියාත්මක කරනවිට වුව මෙවැනි අධි වෝල්ටීය ස්පන්ධන මුක්ත වෙයි. මීට අමතරව විදුලි කොටන අවස්ථාවන්වලදීද ඉතා බහුලව මෙවැනි අධි වෝල්ටීය ස්පන්ධන අප නිවෙසේ විදුලි පද්ධතියට ඇතුළු විය හැකිය. මෙමගින් ඉතා සංවේදී නවීන ඉලෙක්ට්‍රොනික උපාංග වලට දැඩි හානි සිදුවිය හැකිය. LCD/LED/Plasma TV, මයික්‍රෝවේව් උදුන්, ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක, HiFi සෙටප් පද්ධති, ජංගම දුරකථන, ශීතකරණ වැනි අති සංවේදී ඉලෙක්ට්‍රොනික පද්ධති සහිත උපකරණ විදුලි කෙටීම් වලදී පහසුවෙන් පිලිස්සී යන්නේ මේ නිසාවෙනි.

රැගෙන යාමේ අවශ්‍යතාවය

අපගේ කාර්ය බහුල ජීවන රටාවේ දී අප භාවිතා කරන විවිධ විදුලි උපකරණ, අවශ්‍යතාවය අනුව විවිධ ස්ථානවල විදුලි පද්ධති වලට සම්බන්ධ කිරීමට අවශ්‍ය වේ. විශේෂයෙන්ම විදේශගත වන ඔබට හෝටල් වල විදුලි පද්ධතියට හෝ ගුවන් පර්යන්ත වල විදුලි පද්ධතියට ඔබගේ ලැප්ටොප් පරිගණකය නිතරම සම්බන්ධ කිරීම්ට අවශ්‍ය වෙනු ඇත.. මෙවන් අවස්ථාවලදී එම විදුලි බලය කොතරම් ස්ථාවර ද යන්න අප නොදනී. ඇතැම් අවස්ථාවල විදුලිබලය ජෙනරේටරයක ට මාරු කරන විට ඉතා ඉහල විභවයන් පැමිණ අපගේ වටිනා විදුලි උපකරන හානි කර දැමීමේ හැකියාවක් ඇත. . මෙවන් අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන CleanPower Mini උපකරණය නිපදවා තිබේ.. 225g ඉතා සැහැල්ලු උපකරණයක් වන මෙය ඔබගේ ලැප්ටොප් බෑගයේ අවශ්‍යතම උපකරණයක් වනු නොඅනුමානයි.. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම උපකරණයට වොට් 1200ක ප්‍රබල බල ධාරිතාවක් ඇති බව විශේෂිතයි.

සැබැවින්ම රැගෙන යා හැකි සහ එසැණනින්ම සම්බන්ධ කළ හැකි ආකාරයට පවර් කෝඩ් එකක් රහිතව මෙම උපකරණ නිපදවා තිබේ. 

සවිකරන ආකාරය

CleanPower Mini උපකරණය කෙලින්ම බිත්තියට සවි කරන්න. ඉන්පසු ඔබගේ ආරක්ෂා කලයුතු ඉලෙක්ට්‍රොනික් උපාංග බ්‍රාවෝ ක්ලීන්පවර් මිනි සර්ජ් ප්‍රොටෙක්ටරයේ ඇති ප්ලග් බේස් එකට සවි කරන්න. මෙම සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත්තේ 5A උපරිම විදුලි ධාරාවක් දැරීමට හැකිවන පරිදි නිසා, ඊට වැඩි ධාරවක් අවශ්‍ය උපකරණ සඳහා මෙය භාවිතා නොකරන්න. LED බල්බය නොදැල්වෙයි නම් ෆියුසයන් දෙකම පරික්ෂා කරන්න. ෆියුසයන් පිළිස්සී ඇති නම් 7A ෆියුසයක් මාරුකර නැවත භාවිතයට යොදාගන්න.

 

Fuse මාරු කිරීම

මෙම උපකරණය නිසි නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවානම් එල් ඊ ඩී බල්බ් එක දැල්විය යුතුය. එසේ නැති අවස්ථාවක ආසන්නතම දෝෂය වනුයේ ෆියුසයන් එකක් හෝ දෙකම පිලිස්සී තිබීමයි. පහත රූප සටහනේ පරිදි එක් ෆියුසයක් (Fuse 1) එළියෙන් ම ගැලවීමට හැකි අතර අනිත් ෆියුසය (Fuse 2) ඇම්පියර් 13 ප්ලග් එක තුල සවි කර ඇත.

ආරක්ෂා කළහැකි උපකරණ

  • පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්
  • ස්මාර්ට් ජංගම දුරකථන , ටැබ් , PDA වැනි උපකරණ ආරෝපණය කිරීමේදී අකුණු ආරක්ෂාවට
  • රැහැන් රහිත දුරකථන
  • කුඩා ප්‍රමාණයේ වතුර මෝටර්
  • කුඩා ප්‍රමාණයේ මයික්‍රෝවේව් උදුන්
  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය CRT රූපවාහිනී
  • HiFi සෙටප් පද්ධති
  • විශාල ප්‍රමාණයේ බත් පිසින යන්ත්‍
  • ප්‍රමාණයෙන් විශාල inverter මාදිලියේ ශීතකරණ , අධිශීතකරණ
  • සැටලයිට් TV රිසීවර්
  • CCTV කැමරා DVR සහ උපාංග
  • පරිඝනක ජාලගත කිරීමේ උපකරණ (රවුටර් , ස්විච් , සර්වර් )
  • ගෘහ ආරක්ෂක සිකියුරිටි පද්ධති
  • රැහැන් රහිත දුරකථන
  • බ්ලෙන්ඩර්, මික්සර්
  • විදුලි පංකා

විශේෂාංග

  • වොට් 1200ක බල ධාරිතාවක්, 230 50Hz විදුලිය සඳහා නිෂ්පාදිතයි
  • IEC 61643 අන්තර්ජාතික තත්ත්ව පරීක්ෂණ අනුකූලතාවය සඳහා සහතික කර ඇත.
  • ජූල් 200ක හෝ ඇම්පියර් 13,000ක අති ප්‍රබල අකුණු අවශෝෂණ හැකියාවක්
  • ද්විත්ව ෆියුසයන් සහ සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්
  • අදියර දෙකක සක්‍රීය අකුණු අවශෝෂණ පරිපථ
  • LED දර්ශකය. යුරෝපීය ප්‍රමිතිය
  • දර්ශක LED සහිත 13A ප්ලග් බේස් සහිතයි.
  • අකුණු දෝෂ සඳහාද වලංගු පූර්ණ වසරක වගකීමක් සහ විශ්වාසනීය සේවයක්
  • ඉතා උසස් තත්වයේ, ආනයනික උපකරණ පරයන ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්

සවිකරන ආකාරය

සපයා ඇති පවර් කෝඩ් එක බිත්තියේ ප්ලග් බේස් එකට සවි කරන්න. ඉන්පසු ඔබගේ ආරක්ෂා කලයුතු ඉලෙක්ට්‍රොනික් උපාංග බ්‍රාවෝ ක්ලීන්පවර් 5A සර්ජ් ප්‍රොටෙක්ටරයේ ඇති ප්ලග් බේස් වලට සවි කරන්න. මෙම සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත්තේ 5A උපරිම විදුලි ධාරාවක් දැරීමට හැකිවන පරිදි නිසා, ඊට වැඩි ධාරවක් අවශ්‍ය උපකරණ සඳහා මෙය භාවිතා නොකරන්න.

LED බල්බය නොදැල්වෙයි නම් ෆියුසයන් දෙකම පරික්ෂා කරන්න. අවශ්‍යනම් 7A ෆියුසයක් මාරුකර නැවත භාවිතයට යොදාගන්න.

ආරක්ෂා කළහැකි උපකරණ

  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය CRT රූපවාහිනී
  • HiFi සෙටප් පද්ධති
  • UPS upto 1.2KV
  • පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්
  • ගෘහස්ත රෙදි මදිනයන්
  • මයික්‍රෝවේව් උදුන් සහ බත් පිසින යන්ත්‍ර (ගෘහස්ත)
  • ශීතකරණය, අධිශීතකරණය, බෝතල් ශීතකරණය (Inverter Model)
  • සැටලයිට් TV රිසීවර්
  • CCTV කැමරා DVR සහ උපාංග
  • පරිඝනක ජාලගත කිරීමේ උපකරණ (රවුටර් , ස්විච් , සර්වර් )
  • ගෘහ ආරක්ෂක සිකියුරිටි පද්ධති
  • රැහැන් රහිත දුරකථන
  • බ්ලෙන්ඩර්, මික්සර්
  • ස්වයන්ක්‍රීය ගරාජ දොර පාලන උපකරණ

විශේෂාංග

  • වොට් 1200ක බල ධාරිතාවක්, 230 50Hz විදුලිය සඳහා නිෂ්පාදිතයි
  • IEC 61643 අන්තර්ජාතික තත්ත්ව පරීක්ෂණ අනුකූලතාවය සඳහා සහතික කර ඇත.
  • ජූල් 200ක හෝ ඇම්පියර් 13,000ක අති ප්‍රබල අකුණු අවශෝෂණ හැකියාවක්
  • ද්විත්ව ෆියුසයන් සහ සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්
  • අදියර දෙකක සක්‍රීය අකුණු අවශෝෂණ පරිපථ
  • LED දර්ශකය. යුරෝපීය ප්‍රමිතිය
  • උපකරණ දෙකක් සමගාමීව ආරක්ෂා කිරීමේ හැකියාව සහිත 13A ප්ලග් බේස් දෙකක්
  • අකුණු දෝෂ සඳහාද වලංගු පූර්ණ වසරක වගකීමක් සහ විශ්වාසනීය සේවයක්
  • ඉතා උසස් තත්වයේ, ආනයනික උපකරණ පරයන ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්

විශේෂාංග

  • වොට් 3500ක බල ධාරිතාවක්, 230 50Hz විදුලිය සඳහා නිෂ්පාදිතයි
  • IEC 61643 අන්තර්ජාතික තත්ත්ව පරීක්ෂණ අනුකූලතාවය සඳහා සහතික කර ඇත.
  • ජූල් 200ක හෝ ඇම්පියර් 13,000ක අති ප්‍රබල අකුණු අවශෝෂණ හැකියාවක්
  • ද්විත්ව ෆියුසයන් සහ සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්
  • අදියර දෙකක සක්‍රීය අකුණු අවශෝෂණ පරිපථ
  • LED දර්ශකය. යුරෝපීය ප්‍රමිතිය
  • දර්ශක LED සහිත 13A ප්ලග් බේස් සහිතයි.
  • අකුණු දෝෂ සඳහාද වලංගු පූර්ණ වසරක වගකීමක් සහ විශ්වාසනීය සේවයක්
  • ඉතා උසස් තත්වයේ, ආනයනික උපකරණ පරයන ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්

සවිකරන ආකාරය

සපයා ඇති පවර් කෝඩ් එක බිත්තියේ ප්ලග් බේස් එකට සවි කරන්න. ඉන්පසු ඔබගේ ආරක්ෂා කලයුතු ඉලෙක්ට්‍රොනික් උපාංග බ්‍රාවෝ ක්ලීන්පවර් QRO සර්ජ් ප්‍රොටෙක්ටරයේ ඇති ප්ලග් බේස් එකට සවි කරන්න. මෙම සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත්තේ 15A උපරිම විදුලි ධාරාවක් දැරීමට හැකිවන පරිදි නිසා, ඊට වැඩි ධාරවක් අවශ්‍ය උපකරණ සඳහා මෙය භාවිතා නොකරන්න. LED බල්බය නොදැල්වෙයි නම් ෆියුසයන් දෙකම පරික්ෂා කරන්න. එය පිළිස්සී ඇති නම් 15A ෆියුසයක් මාරුකර නැවත භාවිතයට යොදාගන්න.

ආරක්ෂා කළහැකි උපකරණ

  • ප්‍රධාන වශයෙන්ම අධි බල BTU 24,000 සහ පහත වායු සමීකරන සඳහා
  • විදුලි මෝටර් රථ ආරෝපණය ( උදාහරණ Nissan Leaf L3 Charger )
  • අධිබල UPS
  • අධිබල වතුර මෝටර්
  • අධිබල මයික්‍රෝවේව් උදුන්
  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය CRT රූපවාහිනී
  • HiFi සෙටප් පද්ධති
  • පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්
  • කාර්මික ප්‍රමාණයේ රෙදි මදින යන්ත්‍ර
  • විශාල ප්‍රමාණයේ බත් පිසින යන්ත්‍
  • ප්‍රමාණයෙන් විශාල inverter මාදිලියේ ශීතකරණ , අධිශීතකරණ
  • සැටලයිට් TV රිසීවර්
  • CCTV කැමරා DVR සහ උපාංග
  • අධිබල පරිඝනක ජාලගත කිරීමේ උපකරණ (රවුටර් , ස්විච් , සර්වර් )
  • ගෘහ ආරක්ෂක සිකියුරිටි පද්ධති
  • රැහැන් රහිත දුරකථන
  • බ්ලෙන්ඩර්, මික්සර්
  • විදුලි පංකා

Some Installation Pictures

මිලදී ගැනීම

අවශ්‍ය උපකරණය පහතින් තෝරාගන්න.

cleanpower 5A
Rs 3,800

විශේෂාංග

කොළ පැහැති ලෝහමය ආවරණය

1200W බල ධාරිතාවය

අධි ධාරා ආරක්ෂාව

IEC 61643 - අන්තර්ජාතික තත්ත්ව සහතිකය

අදියර දෙකක අකුණු ආරක්ෂාව

සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්

Power Cord මගින් සම්බන්ධ වෙයි

වසරක වගකීම

මිලදී ගතහැකි වෙනත් වෙළඳ ජාල
cleanpower mini
Rs 3,500

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

1200W බල ධාරිතාවය

අධි ධාරා ආරක්ෂාව

IEC 61643 - අන්තර්ජාතික තත්ත්ව සහතිකය

අදියර දෙකක අකුණු ආරක්ෂාව

සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්

කෙලින්ම බිත්ති පේනුවට සම්බන්ධ වෙයි

වසරක වගකීම

නිෂ්පාදනායතනයෙන් සෘජු මිලදී ගැනීම පමණයි
cleanpower QRO
Rs 6,400

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

3500W Power Handling

අධි ධාරා ආරක්ෂාව

IEC 61643 - අන්තර්ජාතික තත්ත්ව සහතිකය

අදියර දෙකක අකුණු ආරක්ෂාව

සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්

කෙලින්ම බිත්ති පේනුවට සම්බන්ධ වෙයි

වසරක වගකීම

නිෂ්පාදනායතනයෙන් සෘජු මිලදී ගැනීම පමණයි
si_LKසිංහල